අද තද වැසි - මුහුදත් රළුවේ - සැළකිලිමත්වන්නැයි ධීවරයන්ට උපදෙස්

Thursday, 17 September 2015 - 8:52

%E0%B6%85%E0%B6%AF+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+-+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%9A+-+%E0%B7%83%E0%B7%90%E0%B7%85%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A
බස්නාහිර, සබරගමුව සහ දකුණ යන පළාත්වලට අද දිනයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර වර්ෂාවත් සමඟ තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර ඒකනායක සඳහන් කළේ.

එමෙන්ම දිවයින වටා වෙරළබඩ ප්‍රදේශවලට තද සුළං තත්ත්වයක්ද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ඇතැම් අවස්ථාවලදී සුළෙඟ් වේගය පැයට කිලෝමීටර් 70 ත් 80 ත් අතර ඉහල යා හැකි බැවින් ඒ පිළිබඳව ධීවර ජනතාව සහ නාවික ප්‍රජාව අවධානයෙන් සිටිය යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.