කොළඹ 7 - මෙට්ලන්ඩ් පෙදෙසේ කඩාවැටුණු ගස ඉවත් කෙරේ

Thursday, 17 September 2015 - 8:59

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+7+-+%E0%B6%B8%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A++%E0%B6%B4%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%9A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9C%E0%B7%83+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
කොළඹ 7 - මෙට්ලන්ඩ්  පෙදෙසේ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසල මාර්ගයට ඊයේ මධ්‍යම රාත්‍රියේ කඩා වැටුණු ගස මේ වනවිිට ඉවත් කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඊයේ පැවති වර්ෂාවත් සමඟ ඇතිවූ සුළඟ හේතුවෙන් මෙම ගස කඩාවැටී ඇති බවයි. මධ්‍යම රාත්‍රියේ ගස කඩාවැටීම නිසා මාර්ගයේ ගමනාගමනයට බාධාවක් නොවූ අතර, මේ වනවිට මාර්ගයෙන් අදාළ ගස ඉවත් කර ඇති බවයි වාර්තාවන්නේ.

මේ අතර තර්ස්ටන් ක්‍රීඩාංගණය අසළ - බෞද්ධාලෝක මාවතේ පිහිටි ගසක අත්තක් කඩා වැටීම හේතුවෙන් එම ස්ථානයේ නතර කර තිබූ වාහන දෙකකටද ඊයේ හානි සිදුවුණා.