රතුපස්වල සිද්ධියේ හමුදා පරික්ෂණ තවදුරටත්

Thursday, 17 September 2015 - 8:59

%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A
රතුපස්වල සිද්ධියට අදාළ හමුදා පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර ප්‍රකාශ කළා. ඒ අනුව මූලික පරීක්ෂණ උසාවියේ කටයුතුවලින් පසු ආරම්භ කළ සාක්ෂි සම්පින්ඩන සටහන් කිරීම තවමත් ක්‍රියාත්මකයි. රතුපස්වල සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය නොවැම්බර් 6 වනදා යළි කැඳවීමටද නියමිතව තිබෙනවා.

2013 අගෝස්තු 1 වනදා සිදුවූ රතුපස්වල සිද්ධියෙන් පසු හමුදා නීතිවලට අනුකූලව පරීක්ෂණ උසාවියක් ආරම්භ කළ බවයි හමුදා ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ. එහි සාක්ෂි සම්පින්ඩන වාර්තාව ලැබුණු පසු ප්‍රශ්න ගත යුද හමුදා නිලධාරීන්ට එරෙහිව ප්‍රබල සාක්ෂි පවතින්නේ නම් ඔවුන් යුද අධිකරණයට කැඳවනු ඇති බවද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර කියා සිටියා.  

මේ අතර රතුපස්වල ජල ගැටළුව සම්බන්ධයෙන් පැවති උද්ඝෝෂණයට අදාළව පෙරේදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත්වුණා. ඒ, එම උද්ඝෝෂණයට වෙඩි තැබීමේ සිද්ධියට අණදුන් බව කියන යුද හමුදා බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින්.  

හල්ඔලූව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් ද පෙරේදා උදෑසන කටුනායක ගුවන් තොටුපළේ පිවිසුම් පර්යන්තය ඉදිරිපිට ඇති බුදුපිළිමය ආසන්නයේ උපවාසයක් ආරම්භ කළේ රතුපස්වල ජනතා උද්ඝෝෂණයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ හමුදා බ්‍රිගේඩියර්වරයා අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින්. රතුපස්වල ජල උද්ඝෝෂණයේදී වෙඩි තැබීමට අණ දුන් බව කියන බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන තුර්කියේ සිට පෙරේදා දිවයිනට පැමිණියා.