කඩුවෙල - කඩවත අධිවේගය විවෘත වෙයි - නවතම ගාස්තු මෙන්න

Thursday, 17 September 2015 - 9:37

%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BD+-+%E0%B6%9A%E0%B6%A9%E0%B7%80%E0%B6%AD+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-++%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B6%B8+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩුවෙල සිට කඩවත දක්වා කොටස අද (17) විවෘත කෙරෙන බව  විශ්ව විද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශය පවසනවා. අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ ප්‍රදානත්වයෙන් පස්වරු 3.00ට එය විවෘත කිරීමට නියමිතයි.

ව්‍යාපෘති අධ්‍යක්ෂ ටී.එස්.එච්.  අබේවික්‍රම පැවසුවේ  මහ මැතිවරණය හේතුවෙන් එම මාර්ගය විවෘත කිරීම ප්‍රමාද වූ බවයි.

කිලෝමීටර් 8.9ක් දිවෙන මෙම මාර්ග කොටස  මංතීරු 4කින් ඉදිකර ඇත. ඒ සඳහා  රුපියල් බිලියන 45කට ආසන්න මුදලක් වැයවී ඇති බව විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ඩී.සී. දසනායක පවසනවා.

මාර්ගයට සමගාමීව කැලණි ගඟ හරහා පාලම් දෙකක්ද වන අතර එමඟින් කඩුවෙල නගරයේ හා කැලණි ගඟ හරහා වන දැනට ඇති පාලම ආශ්‍රිත වාහන තදබදය අඩු වනු ඇති.

කොළඹ සිට හංවැල්ල දක්වා 'ලෝ ලෙවල්' මාර්ගයේ බියගම දෙසට ගමන් කරන රථවාහන සඳහා නොමිලේ පාලම ඔස්සේ   ගමන් කිරීමේ හැකියාව පවතී

බියගම - කැළණිය ප්‍රදේශවල සිට කඩුවෙල, හංවැල්ල, කොළඹ දෙසට ගමන් කිරීමේදී ද  පාලම භාවිතා කරමින් ලෝ ලෙවල් මාර්ගයට පිවිසිය හැකිය.

කොළඹ පිටත වටරවුම් මාර්ගය අදියර තුනක් යටතේ ඉදි කෙරෙනවා.

පළමු අදියරේදී කොට්ටාව සිට කඩුවෙල දක්වා ඉදි කෙරුණා
කඩුවෙල සිට කඩවත දක්වා කොටස එහි දෙවන අදියරයි.
තුන්වන අදියරේදී කඩවත සිට කෙරවළපිටිය දක්වා අධිවේගී මාර්ගය දීර්ඝ කරනු ඇති.

එහි ඉදිකිරීම් ද මේ වන විට ආරම්භ කර ඇති අතර අවසන් වූ පසු දක්ෂිණ අධිවේගී මාර්ගය සහ කටුනායක අධිවේගී මාර්ගය එකිනෙක සම්බන්ධ කෙරෙනවා.

අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සැහැල්ලු වාහන සඳහා අය කරන ගාස්තු ද විශ්වවිද්‍යාල හා මහමාර්ග අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත්කළා.

කඩවත – මාතර  සැහැල්ලු වාහන ගාස්තු

කඩුවෙල – රුපියල් 100.00

අතුරුගිරිය සහ කොට්ටාව – රුපියල් 150.00

කහතුඩුව – රුපියල්  200.00

ගැලනිගම – රුපියල් 250.00

දොඩන්ගොඩ – රුපියල් 300.00

වැලිපැන්න – රුපියල් 350.00

කුරුඳුගහහැතැක්ම – රුපියල් 400.00

බද්දේගම – රුපියල් 450.00

පින්නදූව (ගාල්ල) – රුපියල් 500.00

ඉමදූව – රුපියල් 550.00

කොක්මාදුව – රුපියල් 600.00

ගොඩගම (මාතර) – රුපියල් 650.00

කඩවත – මාතර  

බර වාහන සඳහා අවම ගාස්තුව (කඩුවෙලට)  රුපියල් 200.00
                            උපරිම ගාස්තුව (පින්දූවට) රුපියල් 1750.00

කඩවත සිට ගාල්ලට සහ මාතරට මගී බස්රථ සේවාක්ද ආරම්භ කිරීමට සැලසුම්

නියමිත කාලසටහන

කඩවත - ගාල්ල  සහ ගාල්ල - කඩවත

පෙරවරු  06.30 සිට සෑම පැයකට වරක් රාත්‍රී  8.00 දක්වා


කඩවත - මාතර  සහ මාතර - කඩවත

පෙරවරු  06.30 සිට සෑම පැයකට වරක් රාත්‍රී  9.00 දක්වා


කඩවත – මාතර ගාස්තුව රුපියල් 500.00

කඩවත – ගාල්ල ගාස්තුව රුපියල් 400.00