සඳෙව්මි සේයාගේ උද්ඝෝෂණයේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියෙක් මරුට

Thursday, 17 September 2015 - 11:37

%E0%B7%83%E0%B6%B3%E0%B7%99%E0%B7%80%E0%B7%8A%E0%B6%B8%E0%B7%92+%E0%B7%83%E0%B7%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%9D%E0%B7%9D%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
දිවුලපිටිය ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයක ආරක්ෂාවට පැමිණ සිටි පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්වෙයි. නිලධාරියාට හෘදයාබාධයක්  හටගත් බව සඳහන්.

සඳෙව්මි සේයා දියණිය - බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කොට ඝාතනය කළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් දිවුලපිටිය නගරයේ දී  උද්ඝෝෂණයක් පෙරවරුවේ පැවැත්විණි.

උද්ඝෝෂණයේ  ආරක්ෂාවට පොලිස් බුද්ධි අංශ නිලධාරීන් ද යොදවා සිට ඇත.  මිය ගොස් ඇත්තේ දිවුලපිටිය පොලිසියේ බුද්ධි අංශයට අනුයුක්ත නිලධාරියෙකි. 38 හැවිරිදි හෙතෙම යක්කල ප්‍රදේශයේ පදිංචිව සිටි විවාහක අයෙකි.