යල කන්නයේ වී මිලදී ගැනීමට අනු කමිටුවක්

Thursday, 17 September 2015 - 13:53

%E0%B6%BA%E0%B6%BD+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
යල කන්නයේ වී මිලදීගැනීම සඳහා අමාත්‍යාංශ අනු කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. ඔහු මේ බව කියා සිටියේ නව රජයේ මංගල කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට කොළඹදී අද පෙරවරුවේ එක්වෙමින්. ජගත් මානව හිමිකම් මණ්ඩලයේදී සිදු කෙරුණු කතාබහ සම්බන්ධයෙන්ද විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර අමාත්‍ය මණ්ඩලය ඊයේ දැනුවත් කළ බවයි සම කැබිනට් ප්‍රකාශකවරයා තවදුරටත් කියා සිටියේ.