නිර්නාමික දුරකථන ඇමතුම් මගින් ව්‍යාපාරිකයන් බියගන්වා කප්පම් ලබාගැනීමට තැත් කිරීමේ සිද්ධීන් පිළිබඳව තොරතුරු වාර්තාවී ඇති බව පොලිසීය පවසනවා. වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි සඳහන් කළේ මෙවැනි නිර්නාමික දුරකථන ඇමතුම්වලින් කප්පම් ලබාගැනීමට උත්සාහ කරන පුද්ගලයින් පිළිබඳව තොරතුරු ළඟම ඇති පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙසයි. බන්ධනාගාරයේ සිටින රැඳවියන් විසින් මෙම කප්පම් ජාවාරම මෙහෙයවන බවට තොරතුරු ලැබී ඇති බවද ඔහු සඳහන් කළා.