Update : බිරිඳ සහ සිගිති දියණිය මුහුදට තල්ලූ කළ පියා, පොලීසියේදී ගොළු වෙයි

Friday, 18 September 2015 - 9:24

Update+%3A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%92%E0%B6%9C%E0%B7%92%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B6%A7+%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%2C+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B7%9C%E0%B7%85%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කොස්ගොඩ - මහපැලෑනේදී තම බිරිඳ සහ දියණිය මුහුදට තල්ලූ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර පියා පොලීසියට කිසිවක් ප්‍රකාශ නොකරන බව කොස්ගොඩ පොලීසිය පවසනවා. සැකකාර පියා අද උදෑසන කොස්ගොඩ - කයිකාවල ප්‍රදේශයේ සැඟව සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඔහු හෙට දිනයේදී බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම පුද්ගලයා ඊයේ රාත්‍රී 10.00 ට පමණ තම බිරිඳ සහ දෙහැවිරිදි සිගිති දියණිය නිවසින් කැදවාගෙන ගොස් ඇත්තේ මිත්‍රයෙකුගේ නිවසකට යන බව පවසමින්. ඉන් පසුව මහපැලෑන වෙරළේ ගල් පරයක් මතට බිරිඳ සහ දියණිය කැදවාගෙන ගොස් එකවරම ඔවුන් මුහුදට තල්ලූ කර තිබෙනවා. මුහුදට තල්ලූ කරනාවාත් සමඟම දියණිය විසිවී ගොස් මුහුදට වැටී ඇති අතර, බිරිඳ ගල් පරයෙන් පහළට ඇද වැටීමෙන් අනතුරුව දිවි බේරාගෙන ඇති බව සදහන්. පසුව දිවි ගලවා ගත් බිරිඳ, කොස්ගොඩ පොලීසියට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබුණා.

මුහුදට වැටුණු දෙහැවිරිදි කුඩා දැරිය සොයා තවදුරටත් නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් සෝදිසි මෙහෙයුම් දියත් කරනවා. සිය දියණිය සමඟ අනතුරට ලක්වූ මව බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර එහිදී සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් පළ කරමින් සදහන් කළේ තම සැමියා එම ස්ථානයෙන් තමන්ව සහ දරුවාව පහළට තල්ලූ කරාවිද යන්න සැකයක් මතු වූ බවයි. ඒත් සමඟ ඔහු තමා සහ දරුවා මුහුදට තල්ලූ කළ බව ඇය ප්‍රකාශ කළා.

සැකකාර පියා 29 හැවිරිදි අයෙකු වන අතර, ඔහු වෘත්තියෙන් පෙදරේරුවෙක්. එමෙන්ම සැකකරු තවත් කාන්තාවක් සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවට ද තොරතුරු හෙළි වී ඇති බව පොලීසිය සඳහන් කළා. ඒ හේතුවෙන් මෙම අඹු - සැමියන්  අතර නිතර අඩදබර සිදුවී තිබෙනවා. අදාළ කාන්තාව සැකකාර පුද්ගලයාට වඩා වයසින් ද වැඩිමහල් වන බව සදහන්.




















ඡායාරූප - රත්ගම රොෂාන් පියතිලක


Update : Friday, 18 September 2015 - 12:51
----------------------------------------------------
කොස්ගොඩදී ගල් පරයකින් - බිරිඳ සහ කුඩා දියණිය මුහුදට තල්ලු කරයි -  දියණිය තාම නෑ

කොස්ගොඩ - මහපැලෑන ප්‍රදේශයේදී සිය බිරිඳ සහ කුඩා දියණිය ගල් පරයකින් මුහුදට තල්ලු කළ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මෙහෙයුමක් දියත් කර තිබෙනවා. ඊයේ (17) රාත්‍රියේ මෙලෙස මුහුදට තල්ලු කළ බව කියන 34 හැවිරිදි කාන්තාව දිවි ගලවා ගත් අතර, අවුරුද්දයි මාස 11 කුඩා දියණිය තවමත් අතුරුදන්ව සිටින බවයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත ජයකොඩි ප්‍රකාශ කළේ.