ජිනීවා වාර්තාව ගැන ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය දිරිගන්වන සුළුයි - බෑන් කී මූන්

Friday, 18 September 2015 - 12:47

%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B7%80%E0%B7%8F+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B6%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%93+%E0%B6%B8%E0%B7%96%E0%B6%B1%E0%B7%8A
මෙරට යුද්ධයේදී සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ ජිනීවා වාර්තාවට ලක් රජය දක්වන ප්‍රතිචාරය දිරිගන්වන සුළු බව ජගත් සංවිධාන මහලේකම් බෑන්කී මූන් පවසනවා. ජගත් මානව හිමිකම් මණ්ඩලයේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව එහි මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු පසුගිය බදාදා ජිනීවා නුවරදී ප්‍රකාශයට පත් කළා. ඊට ප්‍රතිචාර දක්වමින් දේශීය යාන්ත්‍රණ ක්‍රියාවලිය කඩිනමින් ආරම්භ කරන බවයි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර ඊයේ සඳහන් කළේ.

නිව්යෝක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේදී ඊයේ අදහස් දැක්වූ මහලේකම් බෑන්කී මූන් කියා සිටියේ ජිනීවා වාර්තාවට ලක් රජය දැක්වූ ප්‍රතිචාර මෙන්ම ඒ සඳහා පළ කර ඇති කැපවීම ප්‍රසාදජනක බවයි. විශේෂයෙන් අර්ථවත් ක්‍රියාවලියක් සඳහා සියලූ පාර්ශවයන්ගේ අදහස් විමසීමට ලක් රජය කටයුතු කිරීම ප්‍රශංසනීය බව මහලේකම්වරයා කියා සිටියා. එමෙන්ම, ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල විශ්වසනීයත්වයකින් යුත් සැබෑ වගවීමේ සහ සංහිඳියා ක්‍රියාවලියක් ලක් රජය ක්‍රියාවට නංවනු ඇතැයි අපේක්ෂා කරන බව මහලේකම් බෑන්කී මූන් අවධාරණය කළා.

මේ අතර, ජිනීවා වාර්තා සම්බන්ධයෙන් මෙරට දෙමළ දේශපාලන පක්ෂ දරණ අදහස් පිළිබඳව අප විමසීමක් කළා. තමිල් අරුසු පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා කියා සිටියේ වාර්තාව පිළිබඳව පූර්ණ වශයෙන් තෘප්තිමත් විය නොහැකි බවයි.

ජිනීවා වාර්තාව පිළිගන්නා නමුදු එහි සඳහන් මිශ්‍ර අධිකරණ ක්‍රමය පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කළ යුතු බවයි ඊ පී ඞී පී පක්ෂ නායක ඩග්ලස් දේවානන්දා සඳහන් කළේ.

ජාතික සංවාද පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් ගෙන් ද ජිනීවා වාර්තාව සම්බන්ධයෙන් අප විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ ලක් රජය මේ වනවිට ජාත්‍යන්තරයේ විශ්වාසය දිනාගෙන සිටින බවයි.