පාර්ලිමේන්තුව අනුමත කළොත් එල්ලුම්ගහ සහතිකයි - ජනපති

Friday, 18 September 2015 - 12:49

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B6%AD+%E0%B6%9A%E0%B7%85%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9C%E0%B7%84+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92++-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබුණොත් ලබන වසරේ සිට සාපරාධී අපරාධකරුවන්ට දඬුවම ක්‍රියාත්මක කරන බවයි  ජනපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේ.

මත්ද්‍රව්‍ය නිවාරණ - ජනාධිපති කාර්ය සාධක බළකායේ  ජාතික වැඩසටහනට අද (18)  ගාලු නගර සභා ශාලාවේ දී  එක්වෙමින් හෙතෙම මේ බව අවධාරණය කළා.

කොටදෙනියාවේ සේයා සදෙව්මිගේ  ඝාතනයෙන් පසුව - මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීම් රැසක් ලැබුණු බවත් - ඊට පෙරද  එවැනි ඉල්ලීම් ලැබෙමින් පැවතී බවත්,  බොහෝ දියුණු රටවල පවා  මරණ දඬුවම ක්‍රියාත්මක වන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන පෙන්වාදෙයි.