පා.ම. සනත් නිශාන්තගෙන් - හිරු මාධ්‍යවේදියාට තර්ජන

Friday, 18 September 2015 - 13:19

%E0%B6%B4%E0%B7%8F.%E0%B6%B8.+%E0%B7%83%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+-+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1
නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත - හිරු හලාවත වාර්තාකරු ඔගස්ටින් ප්‍රනාන්දුට - හලාවත මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී තර්ජනයක් සිදුකළ බවට හලාවත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙනවා. 2008 වසරේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාවක් මත නඩු විභාගයකට පෙනී සිටීමටයි මන්ත්‍රීවරයා අද (18)  අධිකරණයට ගොස් ඇත්තේ. එය වාර්තා කිරීමට ගිය අවස්ථාවේ තමන් මෙම සිද්ධියට මුහුණදුන් බව හිරු වාර්තාකරු ඔගස්ටින් ප්‍රනාන්දු සඳහන් කළා.