6% ආර්ථික වර්ධන වේගය 10% දක්වා ඉහළ නැංවීම නව රජයේ අරමුණයි - ජනපති

Saturday, 19 September 2015 - 7:39

6%25+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA+10%25+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%B1%E0%B7%90%E0%B6%82%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%B1%E0%B7%80+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
ශ්‍රී ලංකාවේ දැනට පවතින 6%ක ආර්ථික වර්ධන වේගය 10% දක්වා ඉහළ නැංවීම නව රජයේ අරමුණ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. නව රජය ලෙස වෙනස්කම් රැසක් රට තුළ සිදුකිරීමට අපේක්ෂා කරන අතර, දුගී භාවය තුරන් කිරීම මෙන්ම ආදායම් පරතරය අවම කිරීමට ප්‍රමුඛත්වය ලබාදෙන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය සඳහා වූ උප සභාපතිනී ඇනට් ඩික්සන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර ඊයේ හමුවක් පැවැත්වුණා. ඒ, ජනාධිපති කාර්යාලයේදියි. එම අවස්ථාවට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ.

නීතිවිරෝධී ලෙස මත්ද්‍රව්‍ය රට තුළට ගෙන ඒම බරපතල ගැටළුවක් බවට පත්ව ඇති අතර, එය වැළැක්වීම සඳහා නව තාක්ෂණ උපකරණ ලබා ගැනීමට සහාය වන ලෙස එහිදී ජනාධිපතිවරයා ලෝක බැංකු නියෝජිතවරියගෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා. නව රජයේ ඉදිරි සංවර්ධන සැලසුම් සාර්ථක කර ගැනීම සඳහා ලෝක බැංකුවේ උපරිම සහාය ලබාදෙන බවයි එම සාකච්ඡාවේදී ඇය ප්‍රකාශ කර ඇත්තේ.