Update : බිළිදියගේ සිරුර ගොඩ ගසයි - "මුහුදට දැම්මේ දිවි නසාගත් බව හැගවීමටයි" - පියාගෙන් පාපොච්චාරණයක්

Saturday, 19 September 2015 - 8:00

Update+%3A+%E0%B6%B6%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%9C%E0%B7%83%E0%B6%BA%E0%B7%92+-+%22%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%9A++%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+%E0%B7%84%E0%B7%90%E0%B6%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7%E0%B6%BA%E0%B7%92%22+-+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%9C%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කොස්ගොඩ - මහපැලෑනේදී පෙරේදා රාත්‍රියේ සිය බිරිඳ සහ දියණිය මුහුදට තල්ලූ කළ පුද්ගලයා 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, ඔහු බලපිටිය වැඩබලන මහේස්ත්‍රාත් මොහොමඩ්  ලියාකත් වෙත අද (19) ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදීයි. මේ අතර, පියා විසින් මුහුදට තල්ලූ කිරීමෙන් පසු අතුරුදන් වූ දැරියගේ මළ සිරුර කොස්ගොඩ - මහපැලෑන වෙරළට අද (19) උදෑසන ගොඩ ගසා තිබුණා.

මෙම පුද්ගලයා පෙරේදා (17) රාත්‍රී 10.00 ට පමණ තම බිරිඳ සහ දෙහැවිරිදි සිගිති දියණිය නිවසින් කැදවාගෙන ගොස් ඇත්තේ මිතුරෙකුගේ නිවසකට යන බව පවසමින්. ඉන් පසුව මහපැලෑන වෙරළේ ගල් පරයක් මතට බිරිඳ සහ දියණිය කැදවාගෙන ගොස් එකවරම ඔවුන් මුහුදට තල්ලූ කර තිබෙනවා. මුහුදට තල්ලූ කිරීමත්, සමඟම දියණිය විසිවී ගොස් මුහුදට වැටී ඇති අතර, බිරිඳ ගල් පරයෙන් පහළට ඇද වැටීමෙන් අනතුරුව දිවි බේරාගෙන තිබුණා. පසුව ඇය කොස්ගොඩ පොලීසියට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කළ අතර, අනතුරුවයි මුහුදට වැටුණු දෙහැවිරිදි කුඩා දැරිය සොයා මෙහෙයුම් ආරම්භ කෙරුණේ.

සැකකාර පියා 29 හැවිරිදි අයෙකු වන අතර, ඔහු පෙදරේරුවෙක්. මූලික පරීක්ෂණවලදී පොලිසියට කිසිවක් ප්‍රකාශ නොකළ ඔහු අද ඒ පිළිබඳව පාපොච්චාරණය කළා.

වෙනත් කාන්තාවක් සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යන තමන් සහ නීත්‍යානුකූල බිරිඳ අතර නිරන්තරයෙන් ගැටුම් ඇතිවන බවත් එම නිසා ඇය සහ දරුවා මුහුදට තල්ලූ කළ බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා. එය සියදිවි නසා ගැනීමක් ලෙස හැඟවීමට තමන් උත්සාහ කළ බවයි සැකකරු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.





 

















කොස්ගොඩ - මහපැලෑන වෙරළේ ගල් පරයක් මතට බිරිඳ සහ දියණිය කැදවාගෙන ගොස් ඔවුන් මුහුදට තල්ලූ කළ සැමියා ඊයේ අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකෙරෙනවා. එම සිද්ධියේදී මුහුදට තල්ලූ කළ බිරිඳ දිවි ගලවා ගැනීමට සමත් වුණා.

සැකකාර සැමියා අද දිනයේදී බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.















 













ඡායාරූප - රත්ගම රොෂාන් පියතිලක

මීට පෙර පලකළ පුවත පහතින් බලන්න :

බිරිඳ සහ සිගිති දියණිය මුහුදට තල්ලූ කළ පියා, පොලීසියේදී ගොළු වෙයි


















ඡායාරූප - රත්ගම රොෂාන් පියතිලක