කුඩා ළමයින් ලිංගික අපයෝජනයට ලක්වීමට හේතු සොයා සමීක්ෂණයක් ආරම්භ කිරීමට ජාතික ළමා රක්ෂණ අධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ සඳහා සත් දෙනෙකුගෙන් යුත් කමිටුවක් ද පත් කර ඇති බවයි එහි සභාපතිනී නටාෂා බාලේන්ද්‍ර හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ. එම කමිටුවේ නිර්දේශවලට අනුව අදාළ සමීක්ෂණය ක්‍රියාත්මක කරන බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා. වසරේ මේ දක්වා කාලය තුළ වැඩිම ළමා අපයෝජන සිද්ධීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවලින්.
මේ අතර, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර සඳහන් කළේ කුඩා ළමයින්ට සිදුවන අපයෝජන ක්‍රියා නතර කිරීම සඳහා කළ හැකි සෑම නීතිමය ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවයි. අනුරාධපුරයේ ඊයේ පැවැති උත්සවයකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියා.