අපරාධ මැඬලන්න එල්ලූම් ගස විසදුමක් නොවේ - විද්වතුන්

Saturday, 19 September 2015 - 13:25

%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%B8%E0%B7%90%E0%B6%AC%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%83+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A+-+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A
කුඩා දරුවන් අපරාධවලට ගොදුරුවීමේ සිද්ධීන් කිහිපයක් වාර්තාවීමත් සමඟ මෙරට එල්ලූම්ගස නැවත ක්‍රියාත්මක කිරීම පිළිබඳව පසුගිය දිනවල කථාබහට ලක්වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්ව ලබන වසරේ සිට එල්ලූම් ගස යළිත් ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවධානය යොමුකරන බවයි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ විද්වතුන්ගෙන් කිහිපදෙනෙකුගෙන් අදහස් විමසීමක් කළා.

මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන ආචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා සඳහන් කළේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙස හැඳින්විය හැකි බවයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති මහාචාර්ය එම්.ඩබ්ලිව්. ජයසුන්දරගෙන්ද අප මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ එල්ලූම් ගස ක්‍රියාත්මක කිරීම සාර්ථකම විසදුම ලෙස සැලකිය නොහැකි බවයි.

මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීම සැළසුම් සහගත අපරාධ අඩුවීමට හේතුවිය හැකි නමුදු එය අපරාධ මැඩලීමේ අවසන් විසඳුමක් නොවන බවයි කැළණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස ප්‍රකාශ කළේ.