ජනපතිගේ ඇමරිකානු සංචාරය සැප්තැම්බර් අග

Saturday, 19 September 2015 - 14:16

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B6%85%E0%B6%9C
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ මස අවසානයේ ඇමරිකානු සංචාරයක නිරත වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. ජනාධිපතිවරයා එහිදී නිව්යෝක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ද ඇමතීමට නියමිතයි. එමෙන්ම ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා සමඟ ද ජනාධිපතිවරයා සාකච්ඡාවක නිරතවීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියේ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසි වාරය සැප්තැම්බර් 30 වන දා ආරම්භ වනවා.

මේ අතර, ජිනිවා මානව හිමිකම් මණ්ඩලයේදී ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට සහාය පළ කරමින් ඉදිරිපත් කරන යෝජනාව සැප්තැම්බර් 24 වන දා සාකච්ඡාවට ගැනෙන බව ජිනිවා ආරංචි මාර්ග සඳහන් කළා. ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් මහකොමසාරිස්වරයාගේ වාර්තාව පසුගිය බදාදා එළි දක්වනු ලැබූ අතර එමගින් නිර්දේශ රැසක් ඉදිරිපත් කර තිබුණා. කෙසේ නමුත්, ඇමරිකානු යෝජනාව ඉදිරිපත් කරනු ඇත්තේ මෙරට දේශීය පරීක්ෂණ යාන්ත්‍රණයකට සහාය පළ කරමින්.