කළු, නිල්වලා සහ ගිං - අවදානමක්

Saturday, 19 September 2015 - 17:35

%E0%B6%9A%E0%B7%85%E0%B7%94%2C+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B6%9C%E0%B7%92%E0%B6%82+-+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
පවතින අධික වැසි සහිත කාලගුණයත් සමග කළු, නිල්වලා සහ ගිං ගඟේ ජල මට්ටම ඉහළ යාමේ අවදානමක් මතුව තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ඒ පිළිබඳව ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි.

මේ අතර, අදත් රාත්‍රී  කාලයේ බොහෝ ප්‍රදේශවලට සුළං සහිත මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත්, හෙට (20) සිට වැසි සහිත කාලගුණයේ අඩුවීමක් දක්නට ලැබෙනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.