හිරුගේ හෙළිදරව්වෙන් පසු - සිද්දික්ට පහසුකම් දුන් බන්ධනාගාර 3කගේ වැඩ තහනම්

Saturday, 19 September 2015 - 20:19

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+-+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+3%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මොහොමඩ්  සිද්දික් නැමැත්තාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් සිරමැදිරියේදී විශේෂ පහසුකම් ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් 3 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රෝහණ පුෂ්පකුමාර පැවසුවේ කළේ හිරු ප්‍රවෘත්ති තුළින් ඊයේ (18) මේ පිළිබඳ හෙළිදරව් කළ පසු ඊට අදාළව ලබා ගත් වාර්තාවට අනුව එම පියවර ගනු ලැබූ බවයි.

එමෙන්ම, මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද දැනුම් දී ඇති අතර, සිද්ධියට සම්බන්ධ පිටස්තර පුද්ගලයෙකු පිළිබඳව පරීක්ෂණ සිදුකරන ලෙසට පොලිසියට උපදෙස් ලබා දී තිබෙනවා.

 අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මොහොමඩ් සිද්දික් නැමැත්තාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් සිරමැදිරියේදී බන්ධනාගාර නිලධාරීන් විශේෂ පහසුකම් ලබාදී ඇති බවට නීතිඥවරයෙකු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටියට පැමිණිලිල්ලක් සිදුකර තිබුණා.

මාස 06 ක කාලයක් රහස් පොලිසිය භාරයේ සිටි සැකකරු පෙරේදා අධිකරණයට රහස් පොලිස් නිලධාරීන් ඉදිරිපත් කරනු ලැබුවේ මුල්වරටයි. එහිදී මොහොමඩ් සිද්දික් නැමැත්තා බන්ධනාගාරයට රැගෙන යාමට පෙර අධිකරණ සිරමැදිරියේදී ඔහුට බන්ධනාගාර නිලධාරීන්ගෙන් විශේෂ පහසුකම් ලබාදීම හිරු වාර්තාකරුගේ කැමරාවට ද හසුවුණා.

මීට අමතරව, පිටස්තර පුද්ගලයෙකුට මංචු යොදා ඔහුව සිරමැදිරියට රැගෙන ගොස් ඇති බවද දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණයේදී අනාවරණ වී තිබෙනවා.