සහකාර රාජ්‍ය ලේකම් නීශා බිස්වාල් දකින දේ

Sunday, 20 September 2015 - 9:44

%E0%B7%83%E0%B7%84%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%93%E0%B7%81%E0%B7%8F+%E0%B6%B6%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%92%E0%B6%B1+%E0%B6%AF%E0%B7%9A
ශ්‍රී ලංකාවේ නව  රජය, මෙරට පරිපූර්ණ ජන සමාජයක් ඇති කිරීමට සහ සංහිදියාව ගොඩනැගීම උදෙසා නිවැරදි මාර්ගයේ ගමන් කරන බව ඇමරිකා එක්සත් ජනපදය පවසනවා. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නීශා බිස්වාල් වැඩිදුරටත් කියා සිටියේ ජනතා විශ්වාසය ගොඩනැගීම උදෙසා නව රජය වැදගත් කාර්යභාරයක් ඉටු කරමින් සිටින බවයි. පසුගිය වසර 9 තිස්සේ මෙරට සංහිඳියාව උදෙසා ගෙන ඇති ක්‍රියාමාර්ගවලට වැඩි යමක් පසුගිය මාස 9 රජය විසින් ඉටුකර ඇති බව ඇය සඳහන් කළේ ඉන්දීය P.T.I  ප්‍රවෘත්ති සේවයට අදහස් දක්වමින්.

ශ්‍රී ලංකාවේ සියලූ පුරවැසියන්ට සාමකාමී, සශ්‍රීක රටක් ගොඩනැගීම උදෙසා ඇමරිකාව කැපවී සිටින බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ. සියලූ පුරවැසියන්ට සමාන අවස්ථා හිමිවන එවැනි ජන සමාජයක් බිහිකිරීම සඳහා සංහිඳියා ක්‍රියාවලිය අතිශයින් වැදගත්. දේශීය පරීක්ෂණ යාන්ත්‍රණයක් තුළින් මෙරට වගවීමේ ක්‍රියාවලිය ශක්තිමත් කළ හැකි බව ඇමරිකාවේ විශ්වාසය යැයි නීශා බිස්වාල් මෙහිදී අවධාරණය කළා.

මේ අතර ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල සැසිවාරයේදී ශ්‍රී ලංකාවට සහය පළ කිරීමේ යෝජනාවක් ඇමරිකා එක්සත් ජනපදය විසින් සැප්තැම්බර් 24 වනදා ඉදිරිපත් කිරීමට නියමිතයි.