ආනයනික පාරිභෝගික භාණ්ඩ මිල ඉහළට

Sunday, 20 September 2015 - 14:12

%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B7%E0%B7%9D%E0%B6%9C%E0%B7%92%E0%B6%9A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය කැපී පෙනෙන ලෙස පහත වැටීමත් සමඟ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුලූ ආනයනික භාණ්ඩවල මිල ඉහළ දැමීමට සිදුව ඇති බව ආනයනකරුවන් පවසනවා. ඒ අනුව පරිප්පු, වියලි මිරිස්, කව්පි, හාල්මැස්සන්, කඩල, ලොකු ළුෑණු, අර්තාපල් ඇතුලූ ආනයනික භාණ්ඩවල මිල ගණන් ඉහළ යනු ඇති.

පසුගිය සිකුරාදා වනවිට ඩොලරයක් සඳහා විනිමය අනුපාතිකය රුපියල් 140 ඉක්මවා පහත වැටුණා.

ඒ සමඟ ආනයනික භාණ්ඩ සඳහා දැරිය යුතු පිරිවැය ඉහළ යන බවයි පිටකොටුව වෙළඳ සම්මේලනයේ සභාපති කේ. පලනියන්ඩි හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. රුපියලේ අගය පහත වැටීම නිසා තමන් මුහුණදී ඇති දුෂ්කරතා පිළිබඳව සාකච්ඡා  කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා සමඟ හමුවක් ඉල්ලා ඇති බවද ඔහු කියා සිටියා.