යුරෝපා මත්ස්‍ය අපනයන තහනම ඉවත්කරගැනීමට සූදානම්

Sunday, 20 September 2015 - 14:18

%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7++%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට පනවා තිබූ මත්ස්‍ය අපනයන තහනම ඉවත් කරගැනීම සඳහා ලක් රජය කටයුතු කරමින් සිටින බව ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ක්‍රිස්ටි ලාල් ප්‍රනාන්දු පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය වෙත ඔහු කියා සිටියේ ඒ සඳහා යුරෝපා සංගමය ඉදිරිපත් කළ අත්‍යාවශ්‍ය කොන්දේසි 36 කින් 35 ක්ම මේ වනවිටත් සම්පූර්ණ කර ඇති බවයි.

අදාළ කොන්දේසි 57 ක් පිළිපැදීම සඳහා යුරෝපා සංගමය ලබාදී ඇති කාල විරාමය ඔක්තෝබර් 31 වනදායින් අවසන් වනවා.

ඊට පෙර අවශ්‍ය කොන්දේසි සපුරා යුරෝපා සංගමයේ පනවා ඇති මත්ස්‍ය අපනයන තහනම ඉවත් කරගැනීමට හැකිවනු ඇති බවයි ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ඩිදුරටත් ප්‍රකාශ කළේ.  

යුරෝපා සංගමය අපේක්ෂා කරන පරිදි මහා පරිමාණ ධීවර යාත්‍රා දියඹට යැවීම දුෂ්කර කරුණක් බවයි ධීවර අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කියා සිටියේ.

මේ අතර සාකච්ඡාවකට පැමිණෙන ලෙස ඉන්දීය ධීවර සංගම් කළ ඉල්ලීමක් උතුරේ ධීවර සංගම් ප්‍රතික්ෂේප කර තිබෙනවා.  

කෙසේ වෙතත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර හිරුට කියා සිටියේ ඉදිරියේදී ඉන්දු - ශ්‍රී ලංකා ධීවර  සාකච්ඡා  පවත්වන බවයි.