අලි කුලප්පුවෙන් ඇතා ට ජය - වන අලියා මරුට (ඡායාරූප)

Sunday, 20 September 2015 - 15:50

%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%8F+%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA+-+%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F++%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කැබිතිගොල්ලෑව - වාහල්කඩ - කහටගොල්ලෑව වැව ඉස්මත්තේදී වන අලියෙකු සහ ඇතෙකු අතර පැවති ද්වන්ධ සටනකින් පසු වන අලියා ජීවිතක්ෂයට පත්වුණා. ඇතාගේ දළ පහර වැදී සිදුවූ බරපතල තුවාල හේතුවෙන් ඊයේ (19) වන අලියා මියගොස් ඇති බවයි වනජීවී නිලධාරින් සඳහන් කළේ. ප්‍රදේශවාසීන් සඳහන් කළේ ඊයේ පස්වරුවේ සිට කහටගොල්ලෑව වැව ඉස්මත්තේ මෙම සටන පැවති අතර රාත්‍රියේ සතුන් දෙදෙනාෙගේ කෑගැසීම්ද ඇසුනු බවයි.

මියගිය වන අලියා අඩි 11 ක් පමණ උසින් යුක්ත බවත්, එම සතාගේ වයස අවුරුදු 45 ක පමණ විය හැකි බවත් හොරොව්පතාන වනජීවී කාර්යාලයේ නිලධාරීන් සඳහන් කළා.










(ඡායාරූප - අතුල බණ්ඩාර)