සේයාගේ ඝාතනයට අත්අඩංගුවට ගත් සිසුවාගේ ලැප් එක කොළඹ විශ්වවිද්‍යාලයට

Sunday, 20 September 2015 - 16:39

%E0%B7%83%E0%B7%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BD%E0%B7%90%E0%B6%B4%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7
කොටදෙනියාවේ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 17 හැවිරිදි පාසල් සිසුවාගේ ලැප්ටොප් පරිගණකය පිළිබඳව පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. එහි අසභ්‍ය වීඩියෝ දර්ශන විශාල ප්‍රමාණයක් ඇතුළත්ව තිබී අතර ඒ පිළිබද කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යානාංශයෙන් වාර්තාවක් ලබා ගන්නා බවයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි සදහන් කළේ. එසේම සිද්ධිය සම්බන්ධයෙන් මෙම පාසල් සිසුවා සමඟ තවත් සැකකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගත් අතර ඔවුන් මේ මස 28 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා මීගමුව දිස්ත්‍රික් රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමට ද පොලීසිය සූදානම්. ඒ, දැරියගේ සිරුරෙන් ලබාගත් කොටස්වල අඩංගු ආගන්තුක ඞී.එන්.ඒ. සහ සැකකරුවන්ගේ ඞී.එන්.ඒ. අතර සම්බන්ධයක් තිබේ දැයි සොයා බැලීමටයි. ඒ අනුව ඉදිරි පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක කරන බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි සඳහන් කළේ.

මේ අතර, මිය ගිය සේයා සදෙව්මි දැරියගේ පියා පවසන්නේ අත්අඩංගුවට ගෙන ඇති පාසල් සිසුවාට තමා ද උපකාරක පන්ති පවත්වා ඇති බවයි.

මේ අතර, ලබන වසරේ පාසලේ පළමු ශ්‍රේණියට ඇතුළත්වීමට නියමිතව සිටි සේයා දැරියට එහි සම්මුඛ පරීක්ෂණ සඳහා වන ලිපිය ද ඊයේ ලැබී තිබුණා. ඒ, මිනුවන්ගොඩ - මැල්ලවගෙදර රෝමානු කතෝලික විදුහලෙන්.



සේයා සදෙව්මි දැරියගේ ඝාතකයන්ට නිසි දඩුවම් ලබාදෙන ලෙස බල කරමින් සහ ළමා අපයෝජකයන්ට මරණ දඩුවම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් අදත් දිවයින පුරා විරෝධතා ව්‍යාපාර රැසක් සංවිධාන කර තිබුණා. මිනුවන්ගොඩ රජමහා විහාරයේ දහම් පාසල් දරු දැරියන් ද අද එලෙස විරෝධතා පා ගමනක් පැවැත්වූ අතර, අනෙකුචත් විරෝධතා ව්‍යාපාර පැවැත්වුණේ මීගමුව, ආඬිඅම්බලම, කුලියාපිටිය, මුතුවාඩිය, ඒකල, බඩල්ගම, සූරියවැව සහ කුරුණෑගල ප්‍රදේශවලයි.