අධිකරණයක් හමුවේ කරුණු දැක්වීමට ෆීල්ඞ් මාර්ෂල් සුදානම්

Sunday, 20 September 2015 - 19:10

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%86%E0%B7%93%E0%B6%BD%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට එරෙහිව සිදුකළ හමුදා මෙහෙයුම් සම්බන්ධයෙන් චෝදනා පවතින්නේ නම්, දේශීය අධිකරණයක් ඉදිරියේ පෙනී සිට කරුණු දැක්වීමට තමා සූදානම් බව හිටපු හමුදාපති ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. හින්දු පුවත්පතට සාකච්ඡාවක් ලබාදෙමින් ඔහු සඳහන් කර ඇත්තේ හමුදා මෙහෙයුම් සම්බන්ධයෙන් චෝදනා තිබේ නම් ඊට මුහුණ දී නිවැරදි කරුණු ප්‍රකාශ කිරීමට සූදානම් බවයි.

තමන්ට එය ගැටළුවක් නොවන බවත්, තම හදවත පිරිසිදු බවත්, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ප්‍රකාශ කර තිබෙනවා. යුද සමයේ සිදුවූවායැයි කියන සිද්ධීන් පිළිබඳව විශ්වාසනීය තොරතුරු පවතින්නේ නම්, පරීක්ෂණයක් සිදුකළ යුතුයි. එමගින් කිසියම් පුද්ගලයෙකු වැරදිකරුවෙකු බවට තහවුරු වුවහොත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියා සිටියේ.