තාප්පයක් කඩා වැටී මව සමඟ යමින් සිටි කුඩා දැරියක් මියයයි

Monday, 21 September 2015 - 7:33

%E0%B6%AD%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B8%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%BA%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පසුගිය දින කිහිපය තුළම කුඩා ළමයින් හදිසි අනතුරුවලින් මියයෑමේ පුවත් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තාවුණා.

රාගම - මහර නුගේගොඩ ප්‍රදේශයේදී ඉදිකරමින් පවතින තාප්පයක් වයස අවුරුදු 5 ක් පමණ වූ දැරියකගේ ඇඟ මතට කඩා වැටීම හේතුවෙන් මියයෑමේ පුවතක් ඊයේ (20) වාර්තාවුණා. පොලීසිය සඳහන් කළේ දැරිය ඉදිකරමින් පවතින තාප්පයක් අසලින් මව සමඟ ගමන් කිරීමේදී තාප්පයේ එල්ලීමට ගොස් එය ඇඟ මතට පෙරළී මෙම අනතුර සිදුව ඇති බවයි.

මේ අතර යාපනය - කයිට්ස් - ආරුල්ඔයිල් වැවේ දියනෑමට ගිය ළමයින් දෙදෙනෙකුද ඊයේ පස්වරුවේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.  මොවුන් අවුරුදු 10 ත් 8 ත් අතර වයසේ පසුවන අතර තවත් මිතුරන් පිරිසක් සමඟ දිය නෑමට පැමිණි අවස්ථාවේදී මෙම අනතුරට මුහුණපා ඇති බව සඳහන්. අනතුරින් මියගොස් ඇත්තේ යාපනය - කයිට්ස් ප්‍රදේශයේ පදිංචි ළමයින් දෙදෙනෙක්.

එමෙන්ම පොල්ගහවෙල - වැල්කඩහේන ප්‍රදේශයෙන් මාඔයේ දිය නෑමට ගිය වයස අවුරුදු 16ක් පමණ වූ ළමයෙකු ද දියේ ගිලීම හේතුවෙන් ඊයේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.  

මේ අතර මාස 10 ක කුඩා දරුවෙකු ඇතෙකුට පෑගීමෙන් පසුගිය සති අන්තයේ් මියගියේ කුරුණෑගල - ගොකරැල්ල - මැදගම්පොල ප්‍රදේශයේ දේවාලයකදියි. ඒ, අපල උපද්‍රව දුරු කිරීම සඳහා ඇතෙකුගේ බඩ යටින් රැගෙන යාමේ සිරිත ඉටු කිරීමට යාමෙන්.  

වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි සඳහන් කළේ කුඩා ළමයින් පිළිබඳව දෙමව්පියන් සහ භාරකරුවන් දැඩි අවධානයෙන් කටයුතු කිරීම තුළින් මෙම අනතුරු වළක්වාගත හැකි බවයි.