නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද ජනපති හමුවෙයි

Monday, 21 September 2015 - 8:07

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද පස්වරු 4ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදීි අමාත්‍යවරයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ද එළඹෙන බදාදා රැස්වීමට නියමිත බවයි.

මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් අද පස්වරු 7ට පැවැත්වීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ කළා.