පාප්වහන්සේ කියුබාවේ හිටපු ජනපති කස්ත්‍රෝ මුණ ගැසේ

Monday, 21 September 2015 - 8:56

%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%B6%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9D+%E0%B6%B8%E0%B7%94%E0%B6%AB+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%9A
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ සිය ප්‍රථම කියුබානු සංචාරයේදී හිටපු ජනාධිපති පිදෙල් කස්ත්‍රෝ මුණගැසී තිබෙනවා. ඒ, ඊයේ කියුබාවේ හවානා නුවර පැවති දේව මෙහෙයෙන් අනතුරුවයි. එම දේව මෙහෙයට අතිවිශාල ජනකායක් සහභාගි වූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. සිව්දින සංචාරයක් සඳහා කියුබාවට සැපත්වූ ශුද්ධෝත්තම පාප්වහන්සේ  පිළිගනු ලැබූයේ ජනාධිපති රාවුල් කස්ත්‍රෝ විසින්. ඇමරිකා එක්සත් ජනපදය බලා යාමට පෙර පාප්වහන්සේ දින හතරක් කියුබාවේ ගත කරනවා.