අනුරාධපුරය, ශ්රාවස්තිපුර සහ තලාව දුම්රිය ස්ථාන අතර මොරගොඩ ප්රදේශයේදී ඊයේ පස්වරුවේ සිදුවූ දුම්රිය පීලිපැනීමෙන් කොන්ක්රීට් සිල්පර කොට 1100 කට පමණ හානි සිදුව ඇති බව අනුරාධපුර දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා. පීලි පැනීමට ලක්වූ දුම්රිය මැදිරියක් මාර්ගය දිගේ මීටර 500 කට ආසන්න දුරක් ඇදී යාම නිසා මෙලෙස කොන්ක්රීට් සිල්පර කොටවලට හානි සිදුව ඇති බවයි එහි ප්රකාශකයෙකු කියා සිටියේ. යාපනය සිට මාතර බලා ධාවනය වෙමින් තිබූ සති අන්ත විශේෂ සීග්රගාමී දුම්රියේ මැද කොටසේ මගී මැදිරියක් පීලි පැනීමට ලක්වූයේ ඊයේ පස්වරු දෙකයි 30 ට පමණයි. කෙසේ වෙතත් මෙම පීලිපැනීම නිසා ඇණහිට තිබූ උතුර දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත්කර තිබෙනවා.