තමන්ට බරපතල අසාධාරණයක් සිදුකළ බවට වමෙන් සන්ධානයට චෝදනා

Monday, 21 September 2015 - 12:42

%E0%B6%AD%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD+%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%85+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුව සඳහා පරාජිත අපේක්ෂකයන් නම් කිරීම තුළින් තමන්ට බරපතල අසාධාරණයක් සිදුකර ඇති බවට වමේ පක්ෂ, සන්ධාන නායකයින්ට චෝදනා කරනවා. කොළඹ අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වූ ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ කියා සිටියේ පරාජිත අපේක්ෂකයින් ජාතික ලැයිස්තුවට නම් කිරීම පිළිබඳව තමන් කණගාටු වන බවයි.

මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ලේකම්, වාසුදේව නානායක්කාර එක්ව සිටියා.

නිදහස් සන්ධාන ජාතික ලැයිස්තුවට පරාජිත අපේක්ෂකයින් නම් කිරීම පාර්ලිමේන්තුවට පත් කළ ලොකුම අගතිය බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා.