ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වේ

Monday, 21 September 2015 - 12:47

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10 ට පාර්ලිමේන්තුවේදී රැස්වුණා. ඉදිරියේදී පත් කිරීමට නියමිත ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් නම් කිරීම පිළිබඳව අද අවධානය යොමු කෙරෙන බවයි පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. ව්‍යවස්ථා සභාව සඳහා  නම් කරනු ලැබූ සිවිල් සාමාජිකයන්ගේ කාර්යභාරය සම්බන්ධයෙන්ද අද පැවැත්වෙන සාකච්ඡාවේදී අවධානය යොමු කරන බව ඔහු කියා සිටියා.

නව පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පළමු වරට රැස්වුණේ පසුගිය 10 වනදායී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායකවරයාට අමතරව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මෙන්ම අමාත්‍යවරුන් වන විජේදාස රාජපක්ෂ, පාඨලී චම්පික රණවක සහ ඩබ්ලිව්.ඞී.ජේ.සෙනෙවිරත්නගෙන් සැදුම් ලබනවා.