ඉන්දු - ශ්‍රී ලංකා ගොඩබිම් පාලම ගැන ඉන්දියාවේ උනන්දුව ඉහළ යයි

Monday, 21 September 2015 - 19:12

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%8B%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගොඩබිම් පාලමකින් යා කිරීමේ ව්‍යාපෘතිය සඳහා ඩොලර් බිලියන 5.19ක් වැය වන බව ඉන්දීය ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය නිතින් ගද්කාරී පවසනවා. මුහුදු පාලමකින් සහ මුහුද යටින් ඉදිකෙරෙන උමං මාර්ගයකින් සමන්විත ව්‍යාපෘතිය සඳහා මූල්‍යාධාර සැපයීමට ආසියානු සංවර්ධන බැංකුව දැනටමත් ඉදිරිපත් වී ඇති බවයි ඔහු සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් පසුගිය දා ඉන්දියාවේ සංචාරය කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා කළ අතර, ව්‍යාපෘතිය පිළිබඳ නිළ සාකච්ඡා ලබන මාසයේදී ආරම්භ කිරීමට සූදානම් බව ඉන්දීය ප්‍රවාහන අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය සහ භූතානය ඇතුළත් සාක් කලාපය ගොඩබිම් මාර්ගයකින් සම්බන්ධ කිරීමේ ව්‍යාපෘතියට ශ්‍රී ලංකාව ද ඇතුළත් කර ගැනීම තම අදහස බවයි ඔහු කියා සිටියේ. එම මාර්ගය ඔස්සේ නිදහස් වාහන ගමනාගමනය සඳහා අනෙකුත් රටවල් සමඟ දැනටමත් ගිවිසුමක් අත්සන් තබා තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකාව ද එක්වනු ඇති බවටයි ඔහු විශ්වාසය පළ කළේ.

ඉදිරියේදී සාක් කලාප සම්බන්ධතා මාර්ගය මියන්මාරය සහ තායිලන්තය දක්වා ද දීර්ඝ කිරීමට ඉන්දියාව සැලසුම් කර තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම සහ ඉන්දියාවේ ධනුෂ්කොඩි අතර කිලෝමීටර් 22ක් දිගැති ගොඩබිම් පාලම ඉදිකිරීම පිළිබඳ විදේශ ලේකම් මට්ටමේ සාකච්ඡා මුලින් ආරම්භ කරන බව ඉන්දීය ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය නිතින් ගද්කාරි වැඩිදුරටත් සදහන් කළා.

මේ අතර, අද පැවැති මාධ්‍ය හමුවකදී පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ කියා සිටියේ ඉන්දු - ලංකා ගොඩබිම් පාලම මෙරට ස්වෛරීභාවයට තර්ජනයක් එල්ල කරන බවයි.