මන්ත්‍රීකමක් නොදුන්නැයි සමසමාජයේ තිස්ස විතාරණත් උසාවි යයි

Monday, 21 September 2015 - 19:18

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%AD%E0%B7%8A+%E0%B6%8B%E0%B7%83%E0%B7%8F%E0%B7%80%E0%B7%92+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස මැතිවරණයෙන් පරාජයට පත්වූ අපේක්ෂකයන් පත් කිරීම අභියෝගයට ලක් කරමින් සන්ධානයේ ජාතික ලැයිස්තුවට ඇතුළත් වූ ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා. එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමසාරිස්වරයා, නිදහස් සන්ධානයේ මහලේකම් මහාචාර්ය විශ්වා වර්ණපාල සහ හිටපු මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු 45 දෙනෙකු නම් කර තිබෙනවා.

පරාජිත අපේක්ෂකයින් පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පත් කිරීම බලරහිත කර, තමන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස නම් කරන ලෙස මෙම පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා. මීට පෙර නිදහස් සන්ධාන ජාතික ලැයිස්තුව අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ඩිව් ගුණසේකර සහ මහජන එක්සත් පෙරමුණේ උප සභාපති සෝමවීර චන්ද්‍රසිරි ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළා.

ඌව පළාත් මහ ඇමතිවරයා ලෙස හරීන් ප්‍රනාන්දු පත් කිරීම ව්‍යවස්ථාවට පටහැනි බව පවසමින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සම ඉල්ලා අස්කර ගන්නා බව පෙත්සම්කාර පාර්ශවය අද දැනුම් දී තිබෙනවා. මෙම පෙත්සම ගොනු කර තිබුණේ එවකට නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත්‍රීවරයෙකු මෙන්ම වර්තමානයේ පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක ගොනු කර තිබූ පෙත්සමක් අද කැදවූ අවස්ථාවේදීයි.

මේ අතර, දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු සැකකරුවන් තුන්දෙනෙකුගේ ඇප අයදුම්පත් සබරගමුව පළාත්බද මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාස අද ප්‍රතික්ෂේප කළා. එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවටයි මොවුන් දැනට රක්ෂිත බන්ධනාගාරයේ පසුවන්නේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු තවත් සැකකරුවන් දෙදෙනෙකු දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමටයි විනිසුරුවරයා නියෝග කළේ.