Update: නකල්ස් කන්දේ අතුරුදන්වූ සිව්දෙනා මීමුරෙන් මතුවේ

Tuesday, 22 September 2015 - 9:57

Update%3A+%E0%B6%B1%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B7%93%E0%B6%B8%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A
නකල්ස් කඳු ප්‍රදේශයේ රංගල - ගෝනවල දියඇල්ල නැරඹීමට ගොස් අතුරුදන්වූ බවට වාර්තාවුණු පුද්ගලයන් සිව්දෙනා අද පස්වරුවේ හමුවී තිබෙනවා. ඒ, මීමුරේ ගම්මානය ආසන්න ප්‍රදේශයක රැඳී සිටියදියි. තමන් නකල්ස් කඳු ප්‍රදේශයේ අතරමංවූ බව ඔවුන් පොලීසියට ප්‍රකාශ කර තිබෙනවා.

පසුගිය 20 වන දින පෙරවරුවේ මහනුවර - රංගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32, 24, 20 සහ 18 යන වයස් සීමාවල පසුවන මෙම පුද්ගලයන් 4 දෙනා නකල්ස් කඳු ප්‍රදේශයට පැමිණ තිබුණා.  අනතුරුවයි ඔවුන් පිළිබඳ තොරතුරක් නොමැති බවට ඥාතීන් පොලීසියට පැමිණිලි කර තිබුණේ. ඒ අනුව ප්‍රදේශවාසින් සහ පොලිස් කණ්ඩායම් 4 ක් ඔවුන් සොයා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කළා.

Update: Tuesday, 22 September 2015 - 19:23
--------------------------------------------------------

ගෝනවල දියඇල්ලට ගිය 4ක් අතුරුදහන්

නක්ල්ස් කඳු ප්‍රදේශයේ රංගල - ගෝනවල දියඇල්ල නැරඹීමට ගිය පුද්ගලයන් 4 දෙනෙකු අතරමං වී තිබෙනවා. පසුගිය 20 වන දින පෙරවරුවේ මහනුවර - රංගල - වන්වාරි වත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32, 24, 20 සහ 18 යන වයස් සීමාවල පුද්ගලයන් 4 දෙනෙකු මෙලෙස අතරමං වී ඇති අතර සහෝදරයන් දෙදෙනෙකු ද ඊට ඇතුළත්. ඔවුන් පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බවයි රංගල පොලීසිය සදහන් කළේ.  

නක්ල්ස් කඳු රක්ෂිතයේ අතරමං වූ පිරිස සොයා රංගල පොලීසිය, ප්‍රදේශවාසීන් සහ ඔවුන්ගේ ඥාතීන් මේ වන විට සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.