මත් උවදුර මැඬලන්න සියලූ ක්‍රියාමාර්ග ගන්නවා - ජනපති

Tuesday, 22 September 2015 - 10:00

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%8B%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB+%E0%B6%B8%E0%B7%90%E0%B6%AC%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%96+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළ නීති රීති ශක්තිමත් කර මත්ද්‍රව්‍ය පාලනය, නිවාරණය සහ මර්දනය වෙනුවෙන් ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. එමෙන්ම නිලධාරීන්ට සිය බලතල භාවිතා කිරීමේදී සහ නීතිය ක්‍රියාත්මක කිරීමේදී පවතින බාධාවන් ද ඉවත් කර ශක්තිමත් ලෙස රාජකාරී ඉටු කිරීමට ක්ෂේත්‍රයේ සියලූ දෙනාට අවස්ථාව සලසා දෙන බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ නව නගර ශාලාවේ ඊයේ පැවැති සමස්ත ලංකා සුරාබදු සැරයන් සහ නියාමකවරුන්ගේ සංගමයේ 64 වන සංවත්සර උත්සවය අමතමින්. සුරාබදු දෙපාර්තමේන්තුව, ආදායම් බදු දෙපාර්තමේන්තුව, රේගුව වැනි රජයට ආදායම් ගෙන දෙන ආයතන වංචාවෙන්, දූෂණයෙන් තොර ආයතන ලෙස පවත්වාගෙන යාම රජයේ අරමුණයි. එම ආයතනවලට දුරකථනයෙන් කතා කර ව්‍යාපාරිකයින් වෙනුවෙන් පෙනී සිටීමට තමා කිසිදා කටයුතු නොකරන බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළා.

මේ අතර, රජය විසින් ප්‍රකාශිත සමුද්‍රීය සහ නාවික සතියේ සමාරම්භය සනිටුහන් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත සමරු තිළිණයක් සහ ලාංඡනය පිළිගැන්වීම ද ජනාධිපති නිළ නිවසේදී ඊයේ සිදුකෙරුණා.