ජර්මනියේ විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට

Tuesday, 22 September 2015 - 10:07

%E0%B6%A2%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
ජර්මනියේ විදේශ අමාත්‍ය ෆ‍්‍රෑන්ක් වෝල්ටර් ස්ටෙයින්මියර් ඇතුළු නියෝජිත පිරිසක් අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියා. ජර්මානු විදේශ අමාත්‍යවරයා සහ 30 දෙනෙකුගෙන් යුත් දූත පිරිස අද පෙරවරු 9.30ට පමණ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළට ළඟා වූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ. ඔවුන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු රාජතාන්ත්‍රිකයන් හමුවීමෙන් පසු අද රාත්‍රී 12ට නැවතත් ජර්මනිය බලා පිටත්ව යාමට නියමිතයි. ජර්මානු දූත පිරිස ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ බංග්ලාදේශයේ සංචාරයක් නිම කිරීමෙන් අනතුරුවයි.