ළමා අපරාධ ගැන විශේෂ කැබිනට් අනු කමිටුවක්

Tuesday, 22 September 2015 - 14:38

%E0%B7%85%E0%B6%B8%E0%B7%8F+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහිව සිදුවන අපරාධ මැඩපැවැත්වීමට අදාළ පියවර සම්බන්ධයෙන් සොයාබැලීමට විශේෂ කැබිනට් අනුකමිටුවක් පත්කර තිබෙනවා. නීතිය හා සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තිලක් මාරපන මෙම අදහස් පළ කළේ අද පාර්ලිමේන්තුවේදී කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරිය ඝාතන සිද්ධිය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්. සිද්ධියට අදාළ පරීක්ෂන තත්ත්වය සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා එහිදී පැහැදිළි කිරීමක් කළා. ඔහු එහිදී කියා සිටියේ දැනට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනාගේ ඞී එන් ඒ වාර්තා ඉදිරි දින කිහිපය තුළදී ප්‍රකාශයට පත්වනු ඇති බවයි. සම්පූර්ණ ඞී. එන්. ඒ. වාර්තාවක් ලබාගැනීම සඳහා දින 5 ක පමණ කාලයක් ගතවන බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.