විජේවීරගේ පවුලට තවත් මාස 6 ක් වැලිසර කඳවුරේ රැඳී සිටීමට අවසර

Tuesday, 22 September 2015 - 19:04

%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+6+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B6%BB+%E0%B6%9A%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%BB%E0%B7%90%E0%B6%B3%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB
ජනතා විමුක්ති පෙරමුණේ නිිර්මාතෘ රෝහණ විජේවීරගේ බිරිඳ සහ පවුලේ සාමාජිකයන්ට තවත් මාස 6 ක කාලයක් වැලිසර නාවික හමුදා කඳවුරේ රැඳී සිටීමට අවස්ථාව ලබාදී තිබෙනවා. නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් ඉන්දික ද සිල්වා ප්‍රකාශ කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උපදෙස් මත මෙම පියවර ගත් බවයි.

ලබන 1 වනදා සිට කඳවුරෙන් ඉවත්වන ලෙස දැනුම්දී ඇති නිසා තම දරු පවුල මුහුණදී ඇති ගැටළු සහගත තත්ත්වය ගැන  ලිපි මගින් ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කළ බව රෝහණ විජේවීරගේ බිරිඳ වන චිත්‍රාංගනී විජේවීර මීට පෙර ප්‍රකාශ කළා.   

රෝහණ විජේවීරගේ බිරිඳ වන චිත්‍රාංගනී විජේවීර සිය දරු පවුලද සමඟ 1989 නොවැම්බර් 19 වනදා හමුදා මූලස්ථානයට භාරවුණා. එවකට දරුවන් පස්දෙනෙකු ඇය සමඟ සිටි අතර, බාල පුතු සිටියේ ඇගේ කුස තුළයි.

දසුන් ඊෂා, වැඩිමහල් දියණිය වන අතර, ඇය උපත ලබා ඇත්තේ 1981 වසරේයි. 1982 උපන් දෙවන දියණිය සුපුන් ත්‍යාගා වන අතර, තුන්වන දියණිය වන මායා විභූති 1984 දී මෙලොව එළිය දුටුවා. සිව්වෙනි දියණිය වන අමා සසිරි 1987 උපත ලබා තිබෙන අතර, උවිඳු විදුර නම් වන පුත්‍රයා ඉපදී ඇත්තේ 1988 දියි. බාල පුතු සුපුල් නමින් හැඳින්වෙනවා.

චිත්‍රාංගනී විජේවීර සහ දරුවන් හමුදා මූලස්ථානයට භාරවූ පසු ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ විශේෂ ආරක්ෂක නිවස්නයක රඳවා තිබුණා. පසුව 1994 දී ඔවුන් වැලිසර නාවික හමුදා කඳවුරට පැමිණ තිබෙනවා.

එහි සිටියදී වැඩිමහලූ දියණිය වන දසුන් ඊෂාට, තම සොහොයුරා සහ මව සමඟ ඇතිකරගත් ගැටුමක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගතවීමටත් සිදුවුණා. මේ වනවිට ඇය හැර දරුවන් හතරදෙනෙකු සහ චිත්‍රාංගනී විජේවීර වැලිසර නාවික හමුදා කඳවුරේ වාසය කරනවා. වැඩිමහල් පුත්‍රයා විදේශ ගතව සිටින්නේ අධ්‍යාපන කටයුතු සඳහායි.

කෙසේ වෙතත් තමන් ජනතා විමුක්ති පෙරමුණේ සිටින සමයේ රෝහණ විජේවීරගේ පවුලේ සාමාජිකයන්ට නිවසක් මිලට ගැනීම සඳහා රුපියල් කෝටියක මුදලක් වෙන් කිරීමට තීරණය කර තිබූ බව එහි හිටපු නායක සෝමවංශ අමරසිංහ ප්‍රකාශ කළා. ඒ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදියි.

ජනතා විමුක්ති පෙරමුණ කොළඹ අද (22) පැවැත්වූ මාධ්‍ය හමුවකදීද එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් රෝහණ විජේවීරගේ දරු පවුල සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඔහු කියා සිටියේ එම පවුලට අසාධාරණයක් වීමට ඉඩ නොදෙන බවයි.