සේයාගේ ඝාතනය ගැන පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශය

Tuesday, 22 September 2015 - 19:22

%E0%B7%83%E0%B7%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA
කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරිය ඝාතනයට ලක්වී අදට දින 11ක්. පොලීසිය සඳහන් කළේ තවදුරටත් ඝාතනය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බවයි. එමෙන්ම  කොටදෙනියාව ප්‍රදේශයේ සහ අවට ප්‍රදේශවල ළමා අපචාර සිද්ධීන් වලට සම්බන්ධ පුද්ගලයන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් ද පරීක්ෂන කණ්ඩායම්වල අවධානය යොමුව ඇති බව පරීක්ෂණ මෙහෙය වන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සදහන් කළා.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය දා 17 හැවිරිදි පාසල් සිසුවෙකු සහ එක්දරු පියෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු සැක කටයුතු තවත් 10 දෙනෙකුගෙන් පමණ මේ වන විටත් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි ඔහු කියා සිටියේ. එසේම සැකකරුවන් දෙදෙනා ඊයේ විශේෂ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මීගමුව දිස්ත්‍රික් රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කෙරුණා.   

මේ අතර අද පාර්ලිමේන්තුවේදීද සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අදහස් පළවුණා. නීතිය හා සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තිලක් මාරපන ඒ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ කාන්තාවන්ට සහ දරුවන්ට සිදුවන අතවර සම්බන්ධයෙන් විධිමත් පියවර ගැනීම සඳහා විශේෂ කැබිනට් අනුකමිටුවක්ද පත් කරන බවයි.

මේ අතර සේයා සදෙව්මි ඝාතනයට විරෝධය පළ කරමින් මතුගම, මහියංගණය, දඹුල්ල, හාලිඇල සහ ජාඇල යන ප්‍රදේශවල අදත් විරෝධතා පැවැත්වුණා.