ජිනීවා වාර්තාව පිළිගන්න එපා - මහින්ද රජයෙන් ඉල්ලයි

Tuesday, 22 September 2015 - 19:27

%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B7%80%E0%B7%8F+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F+-+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
ජගත් මානව හිමිකම් කොමිසම නිර්දේශ කරන පරිදි විදේශීය විනිශ්චයකාරවරුන් සහභාගිවන දෙමුහුන් අධිකරණයකින් යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීම සිදු නොකළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරනවා. ඔහු මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකාව පිළිබඳව මානව හිිමිකම් කොමිසම නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.

නියමිත ක්‍රියා පටිපාටියට පටහැනිව සිදුකළ නිසා මානව හිමිකම් කොමිසමේ අදාළ විමර්ශනයට තම ආණ්ඩුවෙන් සහයෝගයක් ලබා නොදුන් බව සඳහන් කරමිනුයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තම නිවේදනය ආරම්භ කරන්නේ. මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ ස්වාධීන බව පිළිබඳව ගැටළු පවතිනවා. ශ්‍රී ලංකාවේ අලූත් ආණ්ඩුවක් පත්ව ඇති නිසා මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ වාර්තාවේ සැර අඩු කර ඇති බවටද ඇතැම් අය ප්‍රචාරය කරනවා. එහෙත් එහි කිසිදු සත්‍යතාවක් නැහැ. යුද අපරාධ අධිකරණයක් පිහිටුවිය හැක්කේ ආරක්ෂක මණ්ඩලයට මිස මානව හිමිකම් කවුන්සිලයට නොවේ. ආරක්ෂක හමුදා සාමාජිකයන්ට එරෙහිව චෝදනා ඇත්නම් ඒවා ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුව විභාග කළ යුතු බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරනවා.

තම ආණ්ඩුව සහ ඇතැම් බටහිර රටවල් අතර ගැටළු සහගත තත්ත්වයන් පැවතුණු බවද පිළිගන්නා හිටපු ජනාධිපතිවරයා සංහිඳියාව වෙනුවෙන් මීට  පෙර පැවති රජය ගත් පියවරද මෙහිදී පැහැදිළි කර තිබීම විශේෂත්වයක්. ඔහු තම නිවේදනය අවසන් කරන්නේ මානව හිමිකම් කොමිසම නිකුත් කළ වාර්තාව ප්‍රතික්ෂේප කළ යුතු බව ආණ්ඩුවට යෝජනා කරමින්.