Update : ජනපති ඇමෙරිකාවට යයි

Wednesday, 23 September 2015 - 7:34

Update+%3A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
එක්සත් ජාතීන්ගේ 70 වන මහා සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (23) පෙරවරුවේ ඇමරිකාව බලා පිටත්ව ගියා. ජනාධිපතිවරයා මේ මස 30 වන දා එරට වේලාවෙන් පෙරවරු 9.45ට සමුළුව අමතනු ඇති. එසේම, මේ මස 27 වන දා එහි පැවැත්වෙන ආර්ථික සමුළුව අමතන ජනාධිපතිවරයා ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ඇතුළු රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු හමුවී සාකච්ඡා කිරීමට ද නියමිතයි.

විදේශ අමාත්‍ය මංගල සමරවීර, අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් හා හින්දු ආගමික අමාත්‍ය ඞී.එන්. ස්වාමිනාදන් සහ නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ ද මෙම සංචාරය සඳහා එක්ව සිටිනවා.  

මේ අතර, ජනාධිපතිවරයාගේ ඇමෙරිකානු සංචාරය හේතුවෙන් වැඩබලන අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කර තිබෙනවා. ඒ අනුව, වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස රුවන් විජේවර්ධන, පත් කර ඇති අතර, වැඩබලන මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යවරයා ලෙස පත් කර ඇත්තේ අනුරාධ ජයරත්නයි. ජනාධිපති නිල නිවසේදී අද උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ ඔවුන් වැඩබලන අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.



Update : Wednesday, 23 September 2015 - 11:24
---------------------------------------------------------

එක්සත් ජාතීන්ගේ 70 වන මහා සමුළුවට එක්වීමට ජනපති අද ඇමරිකාවට

එක්සත් ජාතීන්ගේ 70 වන මහා සමුළුව ඇමතීමට අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතයි. ජනාධිපතිවරයා මේ මස 30 වන දා නිව්යෝක් වේලාවෙන් පෙරවරු 9.45ට සමුළුව අමතනු ඇති. මේ මස 27 වන දා එහි පැවැත්වෙන ආර්ථික සමුළුව ඇමතීමට සහභාගි වන ජනාධිපතිවරයා ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ඇතුළු රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු හමුවී සාකච්ඡා කිරීමට ද නියමිතයි.

මංගල සමරවීර, ආචාර්ය විජේදාස රාජපක්ෂ, ඞී.එන්. ස්වාමිනාදන් සහ මහින්ද සමරසිංහ යන අමාත්‍යවරුන් ද මෙම සංචාරය සඳහා ජනාධිපතිවරයා සමඟ එක්වනවා.

මේ අතර, එක්සත් ජාතීන්ගේ 70 වන මහා සමුළුවට සහභාගිවීම සඳහා ලොව රටවල් රැසක රාජ්‍ය නායකයන් මේ වන විට නිව්යෝක් නුවරට ළඟාවෙමින් සිටිනවා. ශුද්ධෝත්ත්ම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ද නිව්යෝක් නුවරට ළඟා වී තිබෙනවා.