බලපත්‍ර නොමැති බස්වලට දඩය වැඩි කිරීමේ සූදානමක්

Wednesday, 23 September 2015 - 7:36

%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%AF%E0%B6%A9%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ටෙන්ඩර් කැඳවීමකින් තොරව දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා ලබාදුන් බස් බලපත්‍ර වහාම අත්හිටුවන ලෙස ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ජාතික ගමනාගමන කොමිෂන් සභාවට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ, ඊයේ එම කොමිෂන් සභාවේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදියි. එසේම අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ මාර්ග බලපත්‍ර නොමැතිව ධාවනය වන බස් රථ සඳහා අය කෙරෙන රුපියල් දස දහසක දඩ මුදල ලක්ෂය දක්වා වැඩි කළ යුතු බවයි.

එසේම දුරගමන් සේවා බස් රථ තේ පානය සඳහා නතර කරන ආපන ශාලා සම්බන්ධයෙන්ද මෙහිදී අමාත්‍යවරයාගේ අවධානය යොමුවී තිබෙනවා. රියදුරන්ගේ අවශ්‍යතා මත තෝරාගන්නා එම ආපනශාලාවල සනීපාරක්ෂක පහසුකම් නොමැති බවත් අපිරිසිදු ආහාර අලෙවි කරන බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. ඊට කඩිනම් පියවර ගන්නා ලෙසයි ඔහු නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.