Update: රෝහලේදී මිය ගිය පෙර පාසල් ගුරුවරියගේ මරණය පිළිබඳ පරීක්ෂණ

Wednesday, 23 September 2015 - 7:48

Update%3A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB
ගම්පහ මහරෝහලට ඇතුළත් කළ තරුණියක් හදිසියේ මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයනාත් දිසානායක පවසනවා. 22 හැවිරිදි තරුණියක් රෝහල් ගත කර ලබාදුන් එන්නතකින් පසුව අසාධ්‍ය තත්ත්වයට පත්ව මිය යාමේ සිද්ධියක් පෙරේදා වාර්තා වුණා. මෙම තරුණියගේ දෙමාපියන් සහ ඥාතීන් කියා සිටියේ රෝහලේදී ලබාදුන් එන්නත විෂවීමෙන් මෙම මරණය සිදුව ඇති බවයි. මෙම තරුණිය ගම්පහ - බුත්පිටිය - පිලිකුත්තුව ප්‍රදේශයේ  පදිංචි පෙර පාසල් ගුරුවරියක්.

Update: Wednesday, 23 September 2015 - 9:17
----------------------------------------------------------

ගම්පහ රෝහලේදී තරුණියක් හදිසියේ මිය යයි

ගම්පහ මහ රෝහලට ඇතුළත් කල 22 හැවිරිදි තරුණියක් හදිසියේ මිය යාම සම්බන්ධයෙන් ඇගේ දෙමව්පියන් හා ඥාතීන් සැක පළ කරනවා. ඔවුන් ප්‍රකාශ කරන්නේ තරුණියට රෝහලෙන් ලබා දුන් එන්නතක් විෂ වීමෙන් මෙම මරණය සිදු වු බවයි.

ගම්පහ - බුත්පිටිය - පිලිකුත්තුව ප්‍රදේශයේ පෙර පාසල් ගුරුවරියක් පෙරේදා දහවල් උදරාබාධයක් හේතුවෙන් රෝහලට  ඇතුලත් කර ඇති අතර ඇයට එදින රාත්‍රියේ ලබා දුන් එන්නතකින් පසුව අසාධ්‍ය තත්වයට පත්ව මිය ගිය බවයි දෙමාපියන් කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ගම්පහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජයනාත් දිසානායකගෙන් විමසීමක් කලා. ඔහු කියා සිටියේ සිද්ධිය පිලිබඳව පරීක්ෂණයක් සිදු කරන බවයි.