වව්නියාව හිටපු DIG ඇතුළු සැකකරුවන් යළි රිමාන්ඩ්

Wednesday, 23 September 2015 - 11:12

%E0%B7%80%E0%B7%80%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+DIG+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
වව්නියාව - කුඩාකච්චිකුඩිය වැව ඉස්මත්තේ නිධන් හෑරීමේ සිද්ධියකට අනුබල දුන් බව කියන වව්නියාව හිටපු නියෝජ්‍ය පොලිස්පති යූ.කේ.දිසානායක ඇතුළු සැකකරුවන් 9 දෙනෙකු මේ මස 30 දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඔවුන්ට අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා.















ඡායාරූප - රොමේෂ් මධුශංක