Update: බරපතල වංචා සෙවීමේ ජනාධිපති කොමිසම, හිටපු ජනපතිගේ නිවසට

Wednesday, 23 September 2015 - 13:20

Update%3A+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B7%83%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%2C+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%A7
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසමේ නිලධාරින් අද (23)පස්වරුවේ නුගේගොඩ - මිරිහාන ප්‍රදේශයේ පිහිටි නිවසට පැමිණියා. පස්වරු 4.45 ට පමණ එම කොමිසමේ   නිලධාරීන් හිටපු ජනාධිපතිවරයාගේ නිවසට පැමිණි බවයි එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.

 ජනාධිපතිවරණ සමයේ රජයේ මාධ්‍ය ආයතනයක් ඔස්සේ විකාශය කළ දැන්වීම්වලට අදාළ මුදල් නොගෙවීම සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ සඳහා ප්‍රකාශයක් ලබාගැනීමට පැමිණෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසම දැනුම්දී තිබුණේ පසුගිය 17 වනදායි.

අනතුරුව අද පෙරවරුවේ හිටපු ජනාධිපතිවරයාගේ නිවසට ගොස් අදාළ ප්‍රකාශය ලබාගන්නා බවයි එම කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා ප්‍රකාශ කළේ.

 එහෙත් පසුව හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් දැනුම්දී තිබුණේ අද පස්වරුවේ ඒ සඳහා පැමිණෙන ලෙසයි.

පස්වරු 4.30 ට පමණ ඔවුන් සිදුකළ දැනුම්දීමට අනුව නිලධාරීන් තුන්දෙනෙකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නුගේගොඩ - මිරිහාන නිවසට පිටත්ව ගිය බව බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළා.


 
Update : Wednesday, 23 September 2015 - 18:55
.............................................................................................

හිටපු ජනපතිගෙන් ප්‍රකාශ ගැනීමට වංචා සොයන ජනාධිපති කොමිසම තවම ගිහින් නැහැ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසමේ නිලධාරින් මේ දක්වා හිටපු ජනාධිපතිවරයාගේ නිවසට නොපැමිණි බව එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළා. එම කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා කියා සිටියේ ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අද (23) පෙරවරු 10 ට නිවසට පැමිණෙන බවට හිටපු ජනාධිපතිවරයාට කොමිසන් සභාව ලිඛිතව දැනුම්දී තිබූ බවයි.

ජනාධිපතිවරණ සමයේ රජයේ මාධ්‍ය ආයතනයක් ඔස්සේ විකාශය කළ දැන්වීම්වලට අදාළ මුදල් නොගෙවීම සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ සඳහා එම ප්‍රකාශය ලබා ගන්නා බවට ද එමගින් දැනුම්දී තිබූ බව ද ලේකම්වරයා සඳහන් කළා. කෙසේ වෙතත්, අද දිනයේදී අදාළ ප්‍රකාශය ලබාදෙන බවට හිටපු ජනාධිපතිවරයා කොමිසම වෙත දැනුම්දී ඇති බවයි එහි ලේකම් ලැසිල් ද සිල්වා තවදුරටත් සඳහන් කළේ.

අද පෙරවරුවේ අදාළ ප්‍රකාශය ලබා ගැනීම පිළිබඳ වාර්තා කිරීම සඳහා මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාගේ මිරිහාන නිවස අසල රැදී සිටියා. එහිදී හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ අද පස්වරු 4 ට අදාළ ස්ථානයට පැමිණෙන ලෙසයි.