Update: නිදහස් පක්ෂ සහ සන්ධාන මන්ත්‍රීවරුන් - පාර්ලිමේන්තු පිවිසුම ඉදිරිපිටත් විරෝධතාවක

Wednesday, 23 September 2015 - 15:37

Update%3A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82++%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
පාර්ලිමේන්තු විවාදය වර්ජනය කළ නිදහස් පක්ෂ සහ එක්සත් නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් අද (23) පස්වරුවේ පාර්ලිමේන්තු පිවිසුම අසලදී විරෝධතාවක නිරතවුණා.

ඔවුන් මුදල් රෙගුලාසි 06 ක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අද  පැවති විවාදය වර්ජනය කළේ එම මුදල් රෙගුලාසිවලට සහ අග්‍රාමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයකට විරෝධය පළ කරමින්.

ඒ අනුව නිදහස් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ එම අවස්ථාවේදී රැඳී සිටි සරත් අමුණුගම හැර අනෙකුත් නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සහ සන්ධාන මන්ත්‍රීවරුන් සභා ගර්භයෙන් පිටව ගියා.

 නමුත් දෙමළ ජාතික සන්ධාන සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්  විවාදයට එක්වූවා.

එමෙන්ම, පාර්ලිමේන්තුවේදී අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකළා. එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ඉන්දියාවේ ටියුටිකොරීන් සිට කොළඹ දක්වාත්, රාමේෂ්වරන් සිට තලෙයිමන්නාරම දක්වාත් පාරු සේවයක් ස්ථාපිත කිරීමට සාකච්ඡා කළ බවයි.

එමෙන්ම සීපා ගිවිසුම සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් සිදුනොවූ බවත් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා. දෙරට යා කරමින් පාලමක් ඉදිකිරීමට යන බව පවසමින් මෙරට මුද්‍රිත මාධ්‍යවල පළ වී වාර්තා දැක තමන් පුදුමයට පත්වූ බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ එවැනි කරුණක් පිළිබඳ ඉන්දීය සංචාරයේදී සාකච්ඡා නොකළ බවයි.



 Update : Wednesday, 23 September 2015 - 18:49
.............................................................................................


සන්ධානයේ 40ක්  පාර්ලිමේන්තුව වර්ජනය කරයි


පාර්ලිමේන්තුවේ දැන් පැවැත්වෙන මුදල් රෙගුලාසි කිහිපයක් පිළිබඳ විවාදය වර්ජනය කිරීමට විපක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසක් තීරණය කර තිබෙනවා. ඒ අනුව නිදහස් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගෙන සිටින මන්ත්‍රීවරුන්  ඇතුලූ නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 40 දෙනෙකු පමණ දැන් පැවැත්වෙන විවාදයට එක් නොවී සභා ගර්භයෙන් ඉවත්ව ගිය බවයි පාර්ලිමේන්තුවේ සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළේ.