Update: සේයා ඝාතනයේ ප්‍රධාන සැකකරු රහස් පොලිසියට

Thursday, 24 September 2015 - 7:16

Update%3A+%E0%B7%83%E0%B7%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
කොටදෙණියාවේ - සේයා සදෙව්මි දැරිය ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු පැය 72 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී තිබෙනවා. සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම අවසරය ලබාදී තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීමකට අනුවයි. ගම්පහ - බෙම්මුල්ලේ දී ඊයේ දිනයේදී අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටිනවා.

Update: Thursday, 24 September 2015 - 16:51
--------------------------------------------------------

සේයා ඝාතනය කළේ තමන් බවට සැකකරුවෙකුගෙන් පාපොච්චාරණයක්

කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් ගම්පහ බෙම්මුල්ල - බදුවතුගොඩ ප්‍රදේශයේ රැදී සිටියදී ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු, දැරිය ඝාතනය කළ බවට පාපොච්චාරණයක් සිදුකළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ සැකකරුගෙන් තවදුරටත් මේ පිළිබදව ප්‍රශ්න කරමින් සිටින බවයි.

මීට පෙර සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් සැකපිට- 17 හැවිරිදි පාසල් සිසුවෙකු සහ තවත් පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගත් අතර ඔවුන් මේ මස 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටිනවා.

සේයා සදෙව්මි දැරියගේ ඝාතනයට විරෝධය පළ කරමින් සහ ළමා අපයෝජකයන්ට මරණ දඩුවම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් ඊයේ (23) දිනයේදීත් ප්‍රදේශ රැසක උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වුණා.

මීට පෙර පලකළ පුවත පහතින් බලන්න :

සේයා ඝාතනයේ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට