"මැතිවරණ දැන්වීම්වල වගකීම පක්ෂය දැරිය යුතුයි" - හිටපු ජනපති

Thursday, 24 September 2015 - 8:11

%22%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92%22+-+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය මාධ්‍ය ආයතනයක් ඔස්සේ විකාශය කළ දැන්වීම්වලට අදාළ මුදල් ගෙවීම පක්ෂය සතු වගකීමක් බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසනවා.  

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසමේ නිලධාරින් ඊයේ (23) පස්වරුවේ නුගේගොඩ - මිරිහාන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට පැමිණියා.  ජනාධිපතිවරණ සමයේ රජයේ මාධ්‍ය ආයතනයක් ඔස්සේ විකාශය කළ දැන්වීම්වලට අදාළ මුදල් නොගෙවීම සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ සඳහා ප්‍රකාශයක් ලබාගැනීමට පැමිණෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසම දැනුම්දී තිබුණේ පසුගිය 17 වනදායි.

අනතුරුව ඊයේ පෙරවරුවේ හිටපු ජනාධිපතිවරයාගේ නිවසට ගොස් අදාළ ප්‍රකාශය ලබාගන්නා බවයි එම කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා ප්‍රකාශ කළේ.  එහෙත් පසුව හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් දැනුම්දී තිබුණේ ඊයේ පස්වරුවේ ඒ සඳහා පැමිණෙන ලෙසයි.  ඒ අනුවයි එම විමර්ශන කොමිසමේ නිලධාරීන් සිව්දෙනෙකු මෙලෙස ප්‍රකාශයක් ලබාගැනීම සඳහා නිවසට පැමිණ තිබුණේ.

ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්-  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ඒ පිළිබඳව විමසීමක් කළා. මේ ඊට පිළිතුරු ලබාදුන් හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ සදහන් කළේ තමන් පෞද්ගලික අපේක්ෂකයෙකු නොව පක්ෂය වෙනුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයෙකු බවයි.