සැකකාර සිසුවා පිළිබඳ පොලීසියේ ක්‍රියාකලාපය ට ජෝසප් ස්ටාලින්ගෙන් චෝදනා

Thursday, 24 September 2015 - 11:08

%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B6%A7+%E0%B6%A2%E0%B7%9D%E0%B7%83%E0%B6%B4%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
කොටදෙනියාව සේයා දැරියගේ ඝාතනයේ සැකපිට අත්අඩංගුවට ගත් සිසුවා පිළිබඳ පොලිසියේ විමර්ශන සම්බන්ධයෙන්  ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් චෝදනා කරයි.
 
සැකකරුවන් සොයන මුවාවෙන් පොලිසිය - තවත් දරුවන් අපහසුතාවට පත් කිරීමට උත්සාහ කර තිබෙන බව ජෝසප් ස්ටාලින්ගේ මතයයි.

සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් සැකපිට- 17 හැවිරිදි පාසල් සිසුවෙකු සහ තවත් පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගත් අතර ඔවුන් මේ මස 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටිනවා.

එම දෙදෙනා පිලිබඳ වෛද්‍ය වාර්තා ලැබීමට නියමිත බවද පොලිසිය පැවසුවා.

සිසුවාගේ ලැප්ටොප් පරිගණකයේ අසභ්‍ය දර්ශන තිබූ බව පවසන පොලිසිය ඒ පිළිබඳ විමර්ශන තවදුරත් ක්‍රියාත්මක බවද පවසයි.

මේ අතර සේයා ඝාතනය කළේ තමන් බවට තවත් සැකකරුවෙකු පාපොච්චාරණයක් කළ  බවටද වාර්තා වූවා. ඒ ගම්පහ බෙම්මුල්ල - බදුවතුගොඩ ප්‍රදේශයේ රැදී සිටියදී ඊයේ (23) අත්අඩංගුවට ගත් සැකකරු, දැරිය ඝාතනය කළ බවට පාපොච්චාරණයක් සිදුකළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ සැකකරුගෙන් තවදුරටත් මේ පිළිබදව ප්‍රශ්න කරමින් සිටින බවයි.

මෙම සැකකරු සේයා සදෙව්මිගේ  නිවස අසළ පදිංචිකරුවෙකු බවද පැවසෙයි.

කෙසේ වෙතත් එවැනි අත්අඩංගුවට ගැනීමක් පිළිබඳ වාර්තා වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවා.

පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ 17ත් හැවිරිදි සිසුවා ගැන විවිධ තොරතුරු කියාපාමින් ඔහු ගැන වැරදි මතයක් සමාජයේ ඇති කිරීමට උත්සාහ කර ඇති බව ද, පොලිසියේ ක්‍රියාකලාපය හෙළා දකින බව ද ජෝසප් ස්ටාලින්  පවසයි.

" සිසුවා වැරදි කරුවෙක් නම් දඬුවම් කළ යුතුයි... නමුත් තවම සැකකරුවෙක් පමණයි. මේ සැකකරු ගැන පොලිසිය  හැසිරුනේ කොහොමද? ඒක මේ දරුවට ලොකු ප්‍රශ්නයක්."

කොටදෙනියාවේ දැරියගේ ඝාතනයට සැකපිට ඊයේ අත්අඩංගුවට ගෙන ඇති සැකකරු පාපොච්චාරණයක් කර ඇත්නම් පාසල් සිසුවාට සාධාරණයක් ඉටුකරන ලෙසයි  ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් අවධාරණය කළේ.

(සම්පූර්ණ හඬපටය පහතින්)

[MP3]s117170[/MP3]
   
මේ අතර 17ත් හැවිරිදි සිසුවාගේ මව ප්‍රකාශ කලේ මෙවැන්නක්.

"මම එදත් කිව්වේ අදත් කියන්නේ මගේ පුතා නිර්දෝෂයි.. මේ කළු පැල්ලම මකන්නේ කොහොමද? මේකට මට උත්තරයක් දෙන්ට වගකිව ඇත්තෝ..සාධාරණයක් කරලා දෙන්න..."