ජනපති ලේකම් කාර්යාලයට අයත් වාහනයක් ජල්තරින් මතුවෙයි

Thursday, 24 September 2015 - 11:19

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් මෝටර් රථයක් හංවැල්ල - ජල්තර මහා විද්‍යාලය ඉදිරිපිට අතහැර දමා ගොස් තිබියදී අද (24) පෙරවරුවේ සොයා ගත්තා. පොලිස් මාධ්‍ය කාර්යාලය සඳහන් කළේ පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී  මෝටර් රථය සොයා ගත් බවයි. මෝටර් රථය සොයා ගන්නා අවස්ථාවේ එහි යතුර ඒ තුළ තිබී ඇති අතර, වීදුරු ද විවෘත කර තිබූ බවයි පරීක්ෂණ මෙහෙය වන පොලිස් නිලධාරියෙකු සදහන් කළේ.

තවදුරටත් මෝටර් රථය තුළ පරීක්ෂා කිරීමේදී 2010 වසරේ බෙලිඅත්ත ප්‍රදේශයේ වාහන නඩත්තු ස්ථානයකින් ලබා ගන්නා ලද බිල්පතක් ද හමුවී තිබෙනවා. ඒ ඔස්සේ පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ අදාළ මෝටර් රථය එම කාලවකවානුවේ මෙම නඩත්තු මධ්‍යස්ථානයට සේවා ලබා ගැනීම සඳහා නිතර පැමිණි එකක් බවයි.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් පොලීසිය සිදුකළ විමසීමකදී මෙම මෝටර් රථය ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ලියාපදිංචි කළ එකක් බව තහවුරු කර තිබෙනවා. ඒ පිළිබද වැඩිදුර වාර්තාවක් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව මගින් ලබා ගැනීමට ද නියමිතයි.

මේ අතර, ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රවාහන අංශයෙන් ද මේ පිළිබද වාර්තාවක් ඉල්ලා ඇති අතර එය හෙට දිනයේ ලැබීමට නියමිත බවයි පරීක්ෂණ මෙහෙය වන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

එමෙන්ම මීට මාස කිහිපයකට පෙර මෙම මෝටර් රථය ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රවාහන අංශයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට ලබාදී ඇති බවට ද තොරතුරු ලැබී ඇති බවයි එම නිලධාරියා වැඩිදුරටත් සදහන් කළේ.











ඡායාරූප - තිලක් ඇල්විටිගල