මගේ පුතුට සාධාරණය ඉටු කරන්න. සේයාගේ සිද්ධියට ඇල්ලූ පාසල් සිසුවාගේ මව කියයි

Thursday, 24 September 2015 - 13:20

%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%A7+%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%89%E0%B6%A7%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+%E0%B7%83%E0%B7%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කොටදෙණියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් ගම්පහ - බෙම්මුල්ල - බදුවතුගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගෙන් ඝාතනයට අදාළව තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා. සැකකරුගෙන් තවදුරටත් රහස් පොලිසිය ප්‍රශ්න කරමින් සිටින බවයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත ජයකොඩි සඳහන් කළේ.

ගම්පහ - බෙම්මුල්ල - බදුවතුගොඩ ප්‍රදේශයේ රැදී සිටියදී ඊයේ මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා. රහස් පොලිසියේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ සැකකරු ඊයේ දිනයේදීම දැරිය ඝාතනය කළ බවට පාපොච්චාරණයක් සිදුකළ බවයි. මෙම ඝාතනය සම්බන්ධයෙන් මීට පෙර 17 හැවිරිදි පාසල් සිසුවෙකු සහ තවත් පුද්ගලයෙකු පොලිසිය සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවා. අනතුරුව, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී නියෝග කෙරුණේ සැකකරුවන් ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

කෙසේ වෙතත්, දැනට අත්අඩංගුවේ පසුවන 17 හැවිරිදි පාසල් සිසුවාගේ මව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් සඳහන් කළේ තම දරුවා අත්අඩංගුවට ගැනීම තුළින් අසාධාරණයක් සිදුව ඇති බවයි. එහි වගකීම කවුරුන් විසින් භාර ගන්නේ ද යන්න පිළිබඳව ඇය ප්‍රශ්න කරනවා. තම දරුවා වෙනුවෙන් දැන් හෝ සාධාරණය ඉටු කරන ලෙසයි ඇය ඉල්ලා සිටියේ.